ඉදිරි වසර විස්සෙත් එජාප ආණ්ඩුවක් / අගමැති මැයි රැළියේදී කියයි

ඉදිරි වසර 20ක කාලය තුල රට දියුණු කිරීම එක්සත් ජාතික පක්ෂ රජයක් තුලින් සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද කොලඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අමතමින්.

හැමදාම උදේට මට බනින එක හොඳයි. ඒකෙන් වස්දොස් යනවා. ඒත් මට ඕනවට වඩා බනින්න එපා, එතකොට තමන්ට තියෙන කණ්ඩායම අඩුවෙනවා. ප්‍රේක්ෂකයන් අඩු වෙනවා.

එක්සත් ජාතික පක්ෂයට අනාගත නායකයන් සිටිනවා. මේ නිසා ඉදිරි මාස 18 තුළ රටේ විශාල වැඩකොටසක් කිරීමට තිබෙනවා. සෑම ගමකම පුංචි සිරිකොතක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා ඉදිරි වසර 20 මේ රට පාලනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයයි.

ලංකාවේ වැඩිම ණය සහ පොලී වාරික ගෙවන්න තියෙන්නේ මේ වසරේ සහ ලබන වසර තුළයි. ඒ දෙකම සිදුකිරීමට අවශ්‍ය කටයුතු කර තිබෙනවා. නමුත් 2014 වසරේදී මහින්ද රාජපක්ෂට පොලී ටික ගෙවන්න මුදල් තිබුණේ නැහැ. මේ දේවල් සිදුකරන්න ගිය නිසා පෙබරවාරි මාසයේ පැවති ඡන්දය පරාජයට පත් වුණා. නමුත් පසුගිය වසරේ මැයි මාසයේ මැතිවරණය පැවැත්වුණා නම් එක්සත් ජාතික පක්ෂයට ලෙහෙසියෙන්ම දිනන්න තිබුණා. ඉදිරි මාස 18 ගමන් කිරීම සඳහා අපි පසුබිම සකස් කරගෙන තිබෙනවා. 70 වන සංවත්සරයේදී අපි දුන්න පොරොන්දුවකට අනුව පක්ෂයට අලුත් නායක පරපුරක් ඇති කළා.

ජේ.ආර් ජයවර්ධන මහතා නායකයන් තිදෙනෙකු පුහුණු කළා. ඒ ඔක්කෝම නැති වුණා. මම හිටියේ ත්‍රි‘රෝද රථයේ ස්පෙයාර් වීල් එක වගේ. මම පක්ෂය භාරගන්නා විට වෙන කිසිවෙක් හිටියේ නැහැ. ඒ නිසා 1994 පක්ෂයට වෙන්නේ කුමක්ද කියලා සමහර පිරිස් විමසා සිටියා.

උඩ සිට පහළට සිටි නායකයන් ඝාතනය වුණා. අසාධාරණයට පත්වුණ එක්සත් ජාතික පාක්ෂිකයන් දහසය දහසකට අධික ප්‍රමාණයක් සිටිනවා. ඒ අය වෙනුවෙන් අවුරුදු 20කින්වත් කරන්න බැරි වැඩ තියෙනවා. මේ සියලුම දේ සකස් කරගෙන කඩා වැටුණ ආර්ථිකය සකස් කිරීම යු.ඇන්.පී ආණ්ඩුවෙන් සිදුකරනවා. මේ නිසා අවුරුදු 05ක යූඇන්පී ආණ්ඩුවක් නෙවෙයි, අවුරුදු 20ක් 30ක් තියෙන යූ.ඇන්.පී. ආණ්ඩුවක් තිබිය යුතුයි.

මේ වන විට එක නායක කණ්ඩායමක් තෝරාගෙන සිටිනවා. මේ විදිහේ ප්‍රතිසංවිධානයක් සිදුකරලා අවුරුදු 20ක් ආණ්ඩුවේ සිටිය හැකි පක්ෂයක් නිර්මාණය කරනවා. ආණ්ඩුවේ සිටින එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්ගේ ප්‍රගතිය පිළිබඳව මැයි මාසයේ අන්තිමේදී සොයා බලනවා. ජනාධිපතිතුමා සමග කතා කරලා අනෙක් අමාත්‍යාංශවලත් ප්‍රගතිය සොයා බලනවා.”

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :