රණමයුර සම්මානය ඉස්සූ 5ක් අත්අඩංගුවට

අභ්‍රාවප්‍රාප්ත ප්‍රවීණ සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට අයත් රණමයුර සම්මානය සොරා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 5 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය බදාදා දිනයේදී මෙම සම්මානය අතුරුදන්ව තිබූ අතර දින කිහිපයකට පසු එය හමුව තිබුණේ කඩුවෙල – කොල්ලුපිටිය බස් රථයක ගමන් රාක්කයක තිබියදීයි.
දනට සිදුකළ විමර්ෂණවලදී හෙළිව ඇත්තේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ලැබීම පිළිබද බියට පත්ව සැකකරුවන් සම්මානය බස් රථයේ දමා ගොස් ඇති බවයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ත්‍රිරෝද රථ රියදුරකු ,ජංගම දුරකතන අලෙවිකරුවෙකු, සහ ගැට කපන්නෙකු ද වනවා.
නිවසේ ආරක්ෂක කැමරාවේ සටහන් වු දත්ත අනුව  මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර  සිදු කරන ලද පරීක්ෂණ වලදී ත්‍රිරෝද රථ රියදුරු පවසා ඇත්තේ  දින දෙකක් පමණ  එහි පැමිණ තුන්වැනි දිනයේදී තවත් පුද්ගලයින් දෙදනකු සමඟ පැමිණ ලෙස්ටර් ජේමිස් පිරීස්  මහතාට හිමි සම්මානය සොරකම් කරගෙන ගිය බවයි.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :