නීතිය ක්‍රියාත්මකවීමේ ප්‍රමාදය හේතුවෙන් බරපතල චෝදනා ලැබූවන් නිදැල්ලේ පසුවන බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එම් ඒ සුමන්තිරන් මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අධිකරණ කටයුතු ප්‍රමාදය වැලැක්වීම වෙනුවෙන් ගනු ලබන පියවර සදහා දෙමල සන්ධානයේ පූර්ණ සහාය ලබා දෙන බවයි.
අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත පිළිබද විවාදයේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
ඒ අනුව නව පනත මගින් අධිකරණ කටයුතු වේගවත් කර දූෂිතයින්ට දඩුවම් ලබාදී ජනතාවට සාධාරණය ඉටු කළ යුතු බවද ඔහු අවධාරණය කර තිබෙනවා.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :