ශ්‍රී ලංකාව මුහුණ පා ඇති සියලු ව්‍යසන සදහා මූලික සාධකය විධායක ජනාධිපති ධූරය බව වෙනසක ඇරඹූම සංවිධානය පවසනවා. එම සංවිදානය අද කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් හිටපු අමාත්‍යංශ ලේකම් අශෝක පීරිස් මහතා කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල පවා විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට ප්‍රතිඥා ලබාදුන් බවයි.ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන 20 වන සංශෝධනයට සහාය දීම ජනාධිපතිවරයාගේ වගකීමක් බවයි අශෝක පීරිස් මහතා මෙහිදී අවධාරණය කළේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :