ශ්‍රී ලංකා කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර කොදෙව්හිදී පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට මහේල උඩවත්ත ඇතුලත් කර තිබෙනවා.
ඒ අනුව මෙම සංචාරයේදී මහේල උඩවත්තට ටෙස්ට් වරම් හිමිවීමට නියමිතයි.

මෙම තරගාවලියට ආබාධවලට ලක්ව ඇති ඇන්ජලෝ මැතිව්ස්  හා සුරංග ලක්මාල් නම් ඇතත් ඔවුන් තරග සදහා එක්වීම පිළිබද අවසන් තීරණයක් මෙතෙක් නිකුත්ව නැහැ.

කුසල් මෙන්ඩිස් හා කුසල් පෙරේරා කණ්ඩායමට කැඳවා ඇති අතර උපුල් තරංගට කණ්ඩායමේ ස්ථානය හිමිව නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරය මැයි 26 දා සිට ජුනි 28 දා දක්වා ක්‍රියාත්මක වනවා.මේ සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතයයි.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :