පළාත් සභා 6ක ජන්දය නොවැම්බර් මාසයේ

පළාත් සභා 6කට අදාළ මැතිවරණය ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරන්නේ පළාත් සභා 6ක මැතිවරණය සැප්තැම්බර් මාසයේ කැඳවා නොවැම්බර් මස මුල සතියේ පැවැත්වීමට තීරණය කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් අදාළ පක්ෂ හා ආයතන වෙත යම් දැනුම්දීමක්ද සිදුකර තිබෙනවා.
දැනට සබරගමුව/ නැගෙනහිර සහ උතුරු මැද යන පළාත් සභා කාලය අවසන්ව ඇති අඅතර සැප්තැම්බරයේ මැද වනවිට වයඹ/මධ්‍යම සහ උතුරු පළාත් සභාවල ධුර කාලය නිමවීමට නියමිතයි.
සැප්තැම්බර් මාසයේදී පළාත් සභ මැතිවරණය පැවැත්වීමට දේශපාලන පක්ෂ හා කණ්ඩායම්ද එකගතාවය පල කර ඇති බවයි එම වාර්තා අනාවරණ කරන්නේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish