ලංගම බස් රථ රියදුරන් /කොන්දොස්තරවරුන් හා තාක්ෂණ ශිල්පීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.
ඒ හෙට දිනයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත පුද්ගලික බස් වර්ජනය ඉලක්ක කර ගනිමිනුයි.
ඒ අනුව හෙට දිනයේදී සියලු ලංගම සේවකයින් සේවයට වාර්තා කිරීම අනිවාර්ය වන බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය නිවේදනය කරන්නේ.
රජය විසින් සියයට 6.56 ක බස් ගාස්තු වැඩිවීමක් යෝජනා කළද එය ප්‍රමාණවත් නොවන බව පවසමින් පුද්ගලික බස් සංගම් හෙට සිට අවර්ජනයක් ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :