ඇවන්ට්ගාඩ් සභාපති අත්අඩංගුවට නොගන්නා නියෝගයක් ඉල්ලයි

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමට සුදානමක් ඇති බැවින් එය වළක්වාලන්නැයි ඉල්ලා ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ පවත්වන්නේ අත්තනෝමතිකව හා නීතිය ඉක්මවා යන ආකාරයට බව පවසන පෙත්සම්කරු ඒ හේතුවෙන් තමන් අත්අඩංගුවට ගනු ලැබීමේ සූදානමක් පවතින බවද පෙත්සම මගින් පෙන්වාදී ඇතැයි සදහන්.
පොලිස්පති පුජිත් ජයසුන්දර/අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish