මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට අයත් පෞද්ගලික නිවසක තිබී සොයාගන්නා ලද භාණ්ඩ හා මුදල් අතර ‘ශ්‍රී ලංකා මුදල්’ රුපියල් ලක්ෂ 28.7ක් ද වන බව එරට ‘මාධ්‍ය අනාවරණ කර තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍යවරයාට අයත් නිවසක් සහ ඔහුට සම්බන්ධ තවත් ස්ථාන හයක් පරීක්ෂාවට ලක්වූ අතර එහිදී මිල අධික අති සුඛෝපභෝගී අත්බෑග් සහ ඔරලෝසූ බහාලූ පෙට්ටි 284ක් සහ මුදල් බහාලූ බෑග් 72ක් පොලිස් භාරයට ගනු ලැබුවා.
මැලේසියානු පොලිසියේ වාණිජ අපරාධ ඒකකය විසින් මෙම වැටලීම් සිදුකර තිබුණේ එරට නව රජයේ නියෝග මතයි.විශුද්ධිකරණයට එරෙහි පනත, ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහි සහ නීතිවිරෝධී ක්‍රියාවලට එරෙහි පනත යන පනත් යටතේ මෙම වැටලීම් සිදුකළ බව මැලේසියානු පොලිසිය සඳහන් කර තිබෙනවා.
හිටපු අගමැතිවරයා විසින්ම ආරම්භ කරනු ලැබු ‘1 මැලේසියා ඩිවලොප්මන්ට් බර්හාඩ්’ රාජ්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන ගණනක මුදලක් වංචා කළ බවට ඔහුටම චෝදනා එල්ලවී ඇති අතර ඒ පිළිබද පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :