රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න වටිනාකමකින් යුත් මැණික් ගලක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් 4 දෙනා හා මැණික් ගල යළි සොයා ගැනීමට පොලිසිය සමත්ව තිඛෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන ඒකකය විමර්ෂණය සිදුකර තිබුණා.

මැණික් ගල හිමි ව්‍යාපාරිකයා බේරුවල ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් රිෂ්ලි මොහොමඩ් රිෂ්වාන් මහතා කොල්ලුපිටිය බගතලේ ප්‍රදේශයේ ස්ථානයකට මැණික් ගල කැපීමට භාරදී තිඛෙනවා.

පසුව ව්‍යාපාරිකයා බැංකොක් බලා ගිය අතරවාරයේදී අදාළ ආයතනය විසින් දන්වා ඇත්තේ මැණික සොරකම් කර ඇති බවයි.
පසුව ව්‍යාපාරිකයා විසින් පොලිස්පතිවරයාට සිදුකළ පැමිණිල්ලක් අනුවයි රහස් පොලිසිය විමර්ෂණ ආරම්භ කර තිබුණේ.
පරීක්ෂණ සිදුවෙමින් තිබියදී එම මැණික් ව්‍යාපාරිකයාට ලැබුණු තොරතුරක් මත ඔහු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට දුරකථන ඇමතුමක් දී ඔහුගේ මැණික් ගලට සමාන මැණික් ගලක් ත්‍රිකුණාමලයේදී විකිණීමට සූදානම් වන බව හෙළිකර තිබුණා.
ඒ අනුව 16 දෙනකුගෙන් සමන්විත පිරිසක් ත්‍රිකුණාමලයට ගොස් පසුගිය 15 වැනිදා පෙරවරුවේ මුත්තූර්හි තෝපුර් හන්දියේදී එම මැණික් ගණුදෙනුවට අදාළ අතරමැදියකු හමුවී ඇත්තේ මැණික් මිලදී ගැනීමට පැමිණි අය ලෙස වෙස්වලාගනිමිනි.
එහිදී අතරමැදියා නියම මැණික නොව එහිදී පෙන්වා ඇත්තේ නියම මැණිකට සමාන ව්‍යාජ එකකි. අනතුරුව ත්‍රස්ත විමර්ශන නිලධාරීන් මාවනැල්ල ප්‍රදේශයේ සිට මැණික මිලදී ගැනීමට පැමිණි අය ලෙස පෙනී සිට තිබුණි‍.
සිද්ධියේ එක් සැකකරුවෙක් මැණිල් ගල් කපන කොල්ලුපිටියේ ස්ථානයක රියදුරකු වන අතර අනෙක් තැනැත්තා පින්තාරුකරුවෙක් බවයි හෙළිව ඇත්තේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.