අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ ඒ අතරින් අකුණු සැර වැදීමෙන් සිදුවූ මරණ 4ක්ද වන බවයි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 84,943ක් මේ වන විට පීඩාවට පත්ව සිටිනවා
ඒ අතරින් 27,621ක් ආරක්ෂිත කඳවුරු 194ක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.
කැලණි ගඟ/ කළු ගඟ/ ගිං ගඟ/ නිල්වලා ගඟ/අත්තනගලු ඔයේ පහළ ප්‍රදේශවල සිටින ජනතාව ගංඟා ආසන්නයට යාමෙන් වැළකී සිටින ලෙසත් ඉහළ ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇතිවෙමින් තිබෙන බැවින් ගංඟාවල පහළ ප්‍රදේශ ජලයෙන් යටවී යෑමට හැකි බැවින් ගංඟා දෙපස රැඳී සිටීමෙන් වැළකී සිටින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම්දෙනවා.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :