එම් එච් 17 යානය වැනසුවේ රුසියාව බව හෙළිවෙයි

මැලේසියාවට අයත් එම් එච් 17 යානය යුක්රේන දේශ සීමාවට ඉහළ අහසේදී පහරදී විනාශ කළ මිසයිලය රුසියාවට අයත් එකක් බව අනාවරණ කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර පර්යේෂකයින් විසින් සිදුකළ දීර්ඝ විමර්ෂණයේ වාර්තාවට අනුවයි.
එම මිසයිලය රුසියානු හමුදාවේ අනුඛණ්ඩයකට අයත් බවයි මෙහිදී තහවුරු කර ඇත්තේ.
මෙම ප්‍රහාරයෙන් මගීන් 298 දෙනකු මරණයට පත්වුණා.
එය යුක්රේන කැරලිකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයක් බවටයි මෙතෙක් විශ්වාස කරනු ලැබුවේ.
යුක්රේනය හා රුසියාව අතර ක්‍රිමියාව පිළිබද පැවැති මතගැටුම මුලන් කර ගනිමින් මෙම පහරදීම සිදුව ඇති බවයි විශ්වාස කරනු ලබන්නේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish