විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට අදාළ යෝජනා ඇතුළත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක මහතා වෙත භාර දී තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙය කථානායකවරයා ඉදිරිපිට පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දිමට කටයුතු කළ බවයි එම පෙරමුණ සදහන් කළේ.

මෙය නීතිපති දෙපාර්තුමේන්තුවට යොමු කිරිමෙන් අනතුරුව පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති .

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish