ගුවන් යානයේ බවුසරයක් ගැටීම ගැන විමර්ෂණයක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ නවතා තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 186 (A 330) යානය වතුර බවුසරයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපල ආරංචි මාර්ග සදහන් කරන්නේ පකිස්ථානයේ ලාහෝර් නුවර සිට යළි මෙරටට පැමිණීමෙන් පසු යානය මෙම අනතුරට ලක්ව ඇති බවයි.
මෙහිදී යානයට සුළු අලාභ හානි සිදුව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනය කළේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish