වාහල මිල දෙගුණයකින් වැඩිවීමේ අවධානමක්

වාහනවලට අදාළව ක්‍රියාත්මක නව බදු ක්‍රමය හේතුවෙන් ඇතැම් වාහන මිල දෙගුණයකින් පමණ ඉහළ යාමේ හැකියාව පවතින බව වාහන වෙළෙඳුන්ගේ සමිති සංගමය ප්‍රකාශ කරනවා.
එහි සභාපති ගිහාන් පිලපිටිය මහතා සදහන් කරන්නේ වාහනවලට බදු අය කිරීමේදී පැවැති එන්ජින් ධාරිතාව සැලකීමේ ක්‍රමවේදය වෙනුවට නව ක්‍රමයක් හදුන්වාදීම මෙම අර්බුධයට හේතුවී ඇති බවයි.
මිල මත පදනම් වන ආනයන බදු ක්‍රමයක් වහා ක්‍රියාත්මක නොකරන්නේ නම් ඇතැම් වාහන මිල දෙගුණයකින් වැඩිවීම නොවැලැක්විය හැකි බවයි ඔහු සදහන් කරන්නේ.
ජපන්/ කොරියානු හා ඉන්දියානු වාහනවල මිල එම රටවලදී වැඩිවීම හා රුපියල අප්‍රමාණයවීමද මෙම තත්ත්වයට හේතුවක් බවයි ගිහාන් පිලපිටිය මහතා සදහන් කරනු ලබන්නේ.
මේ දක්වා වෙළඳපලේ පැරණි ක්‍රමයට ගෙන්වූ වාහන පවතින බැවින් කෙටි කලක් මෙම මිල වැඩිවීම සිදු නොවුණද ඉදිරියට ගෙන්වන වාහන සියල්ල දැරිය නොහැකි ලෙස ඉහළ යනු ඇති බවයි සභාපතිවරයා සදහන් කළේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :