විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ 20 වන සංශෝධනය පිළිබද අනිද්දා අවසන් තීරණයකට එළඹෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත කියා සිටියේ එදින ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් විසින් පවත්වන සාකච්ජාවට අනුව මේ පිළිබද තීරණය කරන බවයි.

“විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන්න ජනතා විමුක්ති පෙරමුණ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස  පාර්ලිමේන්තුවට ගෙනාවා. සමහර අය මේ ගැන නොයෙක් කතා කියනවා. යෝජනා කිනම් අයෙකුගේ අවශ්‍යතා වෙනුවෙන් කිනම් පැත්තකින් එනවා ද කියල අපි සොයා බලන්න ඕනෑ. මේ වෙලාවේ මේ යෝජනාව ගෙන එන්නේ  ඇයි ද කියන එකත් සොයා බලන්න ඕනෑ. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අනිද්දා (30) රැස් වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දුවක් ගන්නවා. මේ සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් කරුණු සොයා බලනවා. අපි සෑම විටම තීන්දු ගන්නේ රට-ජනතාව ගැන හිතල”

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :