ඉදිරි පළාත් සභා මැතිවරණයේදී නෙළුම් පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට එක්සත් ජනතා නිදහස් සංධානයේ පළාත් සභා මන්ත්‍රී සංසදය තීරණය කර තිබෙනවා.
ඒ නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී කණ්ඩායම සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර ඊයේ පස්වරුවේ පැවැති සාකච්ජාවකින් පසුවයි.
බත්තරමුල්ලේ පිහිටි පොදුජන පෙරමුණේ කාර්යාලයේදී මෙම සාකච්ජාව පවත්වා තිබෙනවා.
එළඹෙන පළාත් සභා මැතිවරණයට පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ තම සංසදය තරඟ කළ යුතු බවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර රැස්වීමට සහභාගීවූ සියලූම පළාත් සභා මන්ත්‍රීවරුන් අත් ඔසවා එම යෝජනාවට කැමැත්ත පළකළ බවයි එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.