අධික වර්ෂාව සමග කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට බලපෑ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම කඩිනම් කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
දස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 30ම ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙල කඩිනම් කිරීමටයි නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ.
දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් අලවතුවල මහතා කියා සිටියේ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්වූවන් කඩිනමින් සාමාන්‍ය තත්ත්වයට පත්කීරීමට අවශ්‍ය උපරිම දායකත්වය රජය පාර්ශවයෙන් ලබාදෙමින් පවතින බවයි.
එය ශක්තියක් කර ගනිමින් ආපදාවන්ට ලක්වූ දිස්ත්‍රික්කයේ සියලු දෙනාට කඩිනමින් අදාළ සහන ලබාදීමේ වගකීමක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැවරෙන බවද නියෝජ්‍ය අමාත්‍යන්‍රයා සදහන් කළා.
එහිදී කිසිදු දේශපාලන භේදයකින් තොරව කටයුතු කරන ලෙසද මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා.
පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සැලකිය යුතු පිරිසක් පීඩාවට පත්ව තිබුණා.
එම ආපදා තත්ත්වවයන් හදුනා ගනිමින් එවන් තත්ත්වයන් ඉදිරියේදී වලපක්වා ගැනීමට අවශ්‍ය පියවර පිළිබදවද කඩිනමින් සලකා බැලිය යුතු බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.