මන්ත්‍රී සනත් නිශාන්ත හා සොහොයුරා ඇප මත නිදහස්

ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ සොහොයුරු කුරුගමගේ ජගත් සමන්ත පෙරේරාමහතා අද ඇප මත මුදා හැරුණා.
හලාවත මහාධිකරණ විනිසුරු එම්.බී.බී.සී.එස් මොරායස් මහතා විසින් දැඩි ඇප කොන්දේසි මතයි සැකකරුවන් මුදා හරිනු ලැබුවේ.
රුපියල් ලක්ෂ දහය බැගින් සහතික ඇප හතරක් මත ඔවුන් මුදා හැරුණු අතර සෑම ඉරුදිනක දීම හලාවත පොලිසිය හමුවේ පෙනී සිටීමටද නියෝග කෙරුණා.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish