එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද පත් කෙරුණා.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්.
එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී හරීන් ප්‍රනාන්දු මහතා කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළ බවයි.

එක්සත් ජාතික පක්‍ෂයේ අපි අලූත් නායකත්ව පරපුරක් බිහි කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම පක්‍ෂයේ වැඩ කටයුතු වෙනුවෙන් නව නිලධාරීන් පත් කළා. එහි වැදගත් වගකීමක් වන්නේ මාධ්‍යයි. එක්සත් ජාතික පක්‍ෂයේ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා ලෙසත්, එක්සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙසත් හරීන් ප්‍රනාන්දු මහතා අප පත් කළා. ඒ මහතා මෙම තනතුරට සුදුසුම පුද්ගලයෙක් බව කිව යුතුයි.

රටේ ජනමාධ්‍ය ඇතුලු අනෙකුත් ජන සන්නිවේදන අංශ සමග එක්ව වැඩ කටයුතු කිරීමේ වගකීම එක්සත් ජාතික පක්‍ෂ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතාට බාර දී තිබෙනවා.”

23987

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6052

දැනට රෝගීන්

118

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.