දේශීය පුවත් ප්‍රධාන-පුවත්

බස්වලින් සියයට 99ක් මගී ධාවනයට උචිත නොවන බව හෙලිවෙයි

බෙදා හරින්න :

දිවයින පුරා ධාවනය කරන බස් රථවලින් සියයට 99ක්ම මගී ධාවනයට උචිත ප්‍රමිතියෙන් යුක්ත නොවන බව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් කඩිනමින් දැඩි තීරණයටක් ගැනීමටයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ.
මෙරටට ආනයනය කරන බස් රථ ප්‍රමිතිගත බස් රථ නොවන අතර ඒවා ලොරි එන්ජින් හා ලොරි රථ චැසිවලින් යුක්තවයි නිර්මාණය කර ඇත්තේ.
ඒ අනුව එම රථ මගී ප්‍රවාහනයට උචිත නොවන අතරම බස් රථ හදිසි අනතුරකදී මෙන්ම තිරිංග යෙදීමේදීද මඟීන්ගේ ආරක්ෂාවට අවශ්‍ය සාධක අන්තර්ගත නොවන බවත් අනාවරණ කර තිබෙනවා.
මෙම බස් රථවල ගමන් ගැනීම තුලින් මගීන්ගේ සෞඛ්‍යයටද අහිතකර බලපෑම් එල්ලවන බවයි තහවුරුව ඇත්තේ.
මේ සම්බන්ධයෙන් 2014 වසරේදී කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් පත් කර ලොරි එන්ජින් සහ ලොරි චැසිවලින් සමන්විත බස් රථ ආනයනය නොකළ යුතු බවට නිර්දේශ කර ඇති අතර පසුව කමිටුවක් මඟින් බස් රථවල තිබිය යුතු ප්‍රමිතිය සම්බන්ධයෙන් ඇගයීමක් පවා සිදුකර තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී මෙම බස් රථ පිළිබද දැඩි තීන්දුවක් ගැනීමටයි තීරණය කර ඇත්තේ.

53062

ආසාදිතයන්

45171

සුවය ලැබූ

7627

දැනට රෝගීන්

264

මරණ

බෙදා හරින්න :

Similar Posts

Leave a Reply

Your email address will not be published.