මහින්ද එකගනම් ශ්‍රීලනිපයේ අනුශාසක තනතුරක්

එකග නම් පමණක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අනුශාසකවරයකු ලෙස පත් කිරිමට ශ්‍රීලනිප විධායක සභාව හා සමස්ත ලංකා කාරක සභාව තීරණය කර තිඛෙනවා.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අද රැස්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාවේ දී මෙම තීරණය ගෙන තිඛෙනවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරුන් ලෙස හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හා සහ හිටපු අගමැති දි.මු.ජයරත්න මහතා පත් කළ බවයි නිදහස් පක්ෂය ප්‍රකාශ කළේ.

පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති වරු ලෙස නිමල් සිරිපාල සිල්වා , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරු පත් කර තිඛෙනවා.

පක්ෂයේ උප සභාපතිවරුන් ලෙස ආචාර්ය සරත් අමුණුගම, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, රෙජිනෝල්ඩ් කුරේ, පියසේන ගමගේ, මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරු පත්කරනු ලැබ තිඛෙනවා.

උප ලේකම්වරු ලෙස රංජිත් සියඹලාපිටිය, සුමේධා ජී ජයසේන යන මහත්ම මහත්මීන් පත් කෙරුණා.

පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා මෙම තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත්කර ඇති අතර එම තාවකාලික නිලධාරි මණ්ඩලයේ සහභාගීත්වයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට තීරණය කර තිඛෙනවා.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish