ග්‍රාමීය සංවර්ධනයේදී හා මහජන සේවාවන් ඉටු කිරීමේදී ග්‍රාම සේවා නිලධාරීන්ට විශාල වගකීමක් ලැවරෙන බව ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ නව ග්‍රාම නිලධාරින් 1650 ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති උත්සවය අමතමින්.
ප්‍රාදේශී්‍ය ලේකම් කාර්යාල වැනි ආයතන ප්‍රාදේශීය වශයෙන් පුළුල් මෙහෙවරක් ඉටු කළධ ඊටත් වඩා ජනතාවට සමීප තැනැත්තා වන්නේ ග්‍රාම නිලධාරීවරයා වන බැවින් ඒ බව අවබෝධ කර ගනිමින් වඩාත් මහජන හිතවාදීව කටයුතු කිරීමට ග්‍රාම නිලධාරීවරුන්ට වගකීඹක් පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.
ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා අමාත්‍යාංශය වඩාත් සාධාරණව කටයුතු කර ඇති බැවින් ඒ පිළිබද කිසිදු සැකයක් ඇති කර නොගත යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.
2016 සැප්තැම්බර් මස 09 වැනි දින ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගයක් පැවැත්වුණු අතර එහි දී සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් සම්පූර්ණකර 3568 දෙනකුගේ ප්‍රතිඵල 2017 ජූලි මස 26 වැනි දින නිකුත් කර තිබුණා.ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක දී අදාල පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ බවයි ජේ සී අලවතුවල මහතා කියා සිටියේ.
එම සම්මුඛ පරීක්ෂණ 2017 ඔක්තෝබර් මස 23 වැනි දින සිට නොවැම්බර් 21 වැනි දින දක්වා පැවැති අතර ඒවායේ ලකුණු නැවත 2018 පෙබරවාරි මස 16 වැනි දින විභාග දෙපාර්තමේන්තුවට යොමු කරන තිබුණා.
ග්‍රාම නිලධාරී තනතුරට අයදුම් කරන ලද වැඩි පිරිසක් කාන්තාවන් බැවින් පත්කිරීමේ දී කාන්තා හා පිරිමි දෙපාර්ශවය සියයට 50ට 50 වශයෙන් බඳවාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා සිටිය ද අමාත්‍ය මණ්ඩලය එය ප්‍රතික්ෂේප කළ බැවින් ස්ත්‍රී පුරුෂ බේදයක් නොමැතිව සුදුසුකම් සම්පූර්ණ කිරීම අනුව බඳවා ගැනීමට තීරණය කළ බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
කාන්තාවන් වැඩිපුර බඳවාගැනීමට සිදුවීමෙන් බඳවාගැනීම් ප්‍රමාද වන්නේ යැයි අතැමුන් ප්‍රචාරය කිරීම අසත්‍ය කරුණක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.