ටී එන් එල් රූපවාහිනී නාලිකාවේ පොල්ගහවෙල විකාශනාගාරය මුද්‍රා තැබීම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කරුණු පැහැදිලි කර තිබෙනවා.
ඒ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.
එහි දැක්වෙන්නේ කොලඹ / නුවරඑළිය / කරගස්තැන්න / පිළියන්දල / බදුල්ල / අවිස්සාවේල්ල / ගොන්ගල / හන්තාන හා රත්නපුර පිහිටි සම්ප්‍රේෂණාගාර මගින් ටී එන් එල් රූපවාහිනියේ විකාශන කටයුතු සිදුකර ඇති බවයි
එහෙත් පොල්ගහවෙල විකාශන සම්ප්‍රේෂණ සදහා VHF1  හා  VHF 3 සම්ප්‍රේෂණ සදහා ටෙලිෂාන් නෙට්වර්ක් ආයතනය කිසිදු බලපත්‍රයක් ලබාගෙන නොමැති බව නිවේදනයේ සදහන්.
එම නීති විරෝධී විකාශනය අත්හිටුවන්නැයි 2016 වසරේ අප්‍රේල් 27 වනදා එම ආයතනයට දන්වා තිබුණද එය නොතකා හරිමින් රජයේ විකාශනයන්ට බාධාවන පරිදි එම ආයතනය අඛණ්ඩව කටයුතු කර ඇතැයිද නිවේදනයේ දැක්වෙනවා.

ඒ අනුව රජයට ගෙවිය යුතු මුදල් නොගෙවා සම්ප්‍රේෂණ සංඛ්‍යාත භාවිතා කිරීමට කිසිදු ආයෙතනයකට අවසරයක් නොමැති බවද එහි සදහන්.
මේ අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව බලංගොඩ ප්‍රදේශයේ මෙසේ නීති විරෝධී විකාශනාගාරයක් පවත්වාගෙන ගොස් ඇති බවත් අනෙක් පුද්ගලික නාලිකාවන්ද එවන් විකාශනාගාර පවත්වාගෙන යාම පිළිබද පියවර ගෙන ඇති බවත් නිවේදනයේ දැක්වෙනවා.
ඒ අනුව ටී එන් එල් රූපවාහිනියට අදාළව අනුගමනය කර ඇති පියවර තුල සැගවුණු අරමුණු නොමැති බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සදහන් කරන්නේ.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.