ටී. එන්. එල්. විකාශනාගාරයට පවතින රජය මැදිහත් වී සිදුකළ මුද්‍රා තැබීම තමන් තරයේ හෙලා දකිනබව ශ්‍රි ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

එසේම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හරහා ආණ්ඩුව විසින් මාධ්‍ය ආයතන බලපෑම් එල්ල කරන බවටද ඔවුහු චෝදනා කරති. මීට පෙරද පුවත් වෙබ් අඩවියක් අවහිර කරමින් ආණ්ඩුව ඒ බව මනාව පෙන්වා ඇතැයි වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි. එසේම මෙය යහපාලන රජයේ මාධ්‍ය නිදහසේ තරමදැයි ඔවූහූ ප්‍රශ්න කරති.

ශ්‍රි ලංකාව තුල මාධ්‍ය නිදහසක් ඇතිකිරීමට රජය සතුව සැබෑ අරමුණක් පවතින්නේ නම් විදුලි සන්දේශ නියාමන කොමිසම දේශපාලන ග්‍රහනයෙන් මිදිය යුතු යැයිද නිවේදනයේ සඳහන් වේ.

ඔවුන් වැඩි දුරටත් දක්වන්නේ මෙසේ ජනමාධ්‍ය මුද්‍රා තබා ආණ්ඩුවට එරෙහි මත වැළැක්වීමට නොහැකි බවත් රජයක් විදිහට කළ යුත්තේ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමෙන් ජනතා ප්‍රසාදය ලබාගන්නවා හැරෙන්නට දේශපාලන බලය යොදා මාධ්‍ය නිහඬ කිරීම නොවන බවත්ය.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.