බැදුම්කර වංචාවෙන් මුදල් සහ වෙනත් දීමනා ලබා ගත් මාධ්‍යවේදීන්ට එම තෑගි, අරමුදල් ලැබී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකු අභ්‍යන්තර විගණන නිලධාරීන් එය දුෂිත/වංක/ නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස නම් කිරීමේන් ද පසුව එය වරදක් බව දැන දැනම බව කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා. අද (8) රාජගිරියේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා.
‘දුෂණ විරෝධී පෙරමුණ‘ විසින් 2017 ජනවාරි මස අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට අර්ජුන් මහේන්ද්‍රන් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය සදහා යොදා ගෙන ඇතැයි පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එම පැමිණිල්ල දැන් විභාග කර අවසන්. පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් එම පැමිණිල්ල සමග පිටු 5 ක මහ බැංකු අභ්‍යන්තර විගණන වාර්තාවක් ද විමර්ශනය සදහා ලබාදුන්නා. එහි ‘මාධ්‍ය කටයුතු පිටස්තර අයට පැවරීම‘ යන අනු මාතෘකාව යටතේ නිරීක්ෂණ 7 ක් ඉදිරිපත් කර තිබෙනවා. එයින් කියවෙන්නේ මහේෂ් සේනානායක යන අය විසින් සිදු කළ යෝජනාවක් මත ගොඩනැගිලි පවිත්‍ර කිරීමට විශේෂඥතාවක් සහිත අබාන්ස් නම් සමාගමක් හරහා ගෙවීම් සිදු කොට මාධ්‍ය හා සමාජ මාධ්‍ය සන්නිවේදන කටයුතු සිදු කර ඇති බවයි.
මහේෂ් සේනානායක නැමැත්තා ‘ද ෆිනෑන්ස් හි සේවය කළ අයෙකු බව විගණන වාර්තාවේ දැක්වෙනවා.‘ ඊයේ පාර්ලිමේන්තුවේ දී ඔහු බැදුම්කර මුදල් බෙදූ බවටත් චෝදනා එල්ල වුණා. මේ පුද්ගලයා තමාගේ නොවන ක්‍රෙඩිට් කාඩ්පතකින් ගෙවීම් රැසක් සිදු කර තිබෙනවා. ‘වැල්ලවත්ත ප්‍රදේශයේ ප්‍රකට අවන්හලකට මේ ගනුදෙණු සිදුවී ඇති බව ඉදිරියේ දී අනාවරණය වූවහොත් ඒ ගැන පුදුම විය යුතු නෑ.
මේ විගණන වාර්තාව හෙළිදරව් වූ රජයට අය විය යුතු රුපියල් මිලියන 3.2 ක් චෙක්පත් 3 කින් පර්පචුවල් සමාගවේ අනුබද්ධ ආයතනයක් විසින් රජයට ගෙවා දමා තිබෙනවා. ඒ බව ඊයේ අධිකරණයේ දී හෙළිදරව් වුණා.
දැන් මේ විමර්ශන සදහා දැවැන්ත දේශපාලන බලපෑමක් එල්ල වී තිබෙනවා. දේශපාලනඥයෝ පොලිස් නිලධාරීන්ට බලපෑම් කරන බව ඉතා පැහැදිලියි. පාර්ලිමේන්තුවට ගෙනත් බනිනවා. මුදල් ගත්ත අය කට්ටියක් කට වහගෙන ඉල්ලවා. තවත් අය හයියෙන් කෑ ගහනවා. දැනට සෙලාන්, ලංකා, සම්පත්, යූනියන් බැංකුවලින් ගෙවපු මුදල් ගැන විතරයි විමර්ශන කෙරෙන්නේ. කොමර්ෂල් බැංකුව හරහා මුදල් ගෙවූ අයත් ඉන්න පුළුවන්. මේ විගණන වාර්තාවෙත් 7 වෙනි පිටුව ඇයි ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ? ඒක පිටිපස්සේ ඉන්න බලවතා කවුද? “
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270