දකුණු මුහුදට ඉහලින් දීප්තිමත් ආලෝකයක් හා ශබ්දයක්

දකුණු පළාතේ ප්‍රදේශ රැසක් ආශ්‍රිතව මුහුදට ඉහලින් ඊයේ රාත්‍රියේ විශාල ශබ්දයක් සමඟ දීප්තිමත් ආලෝකයක් දිස්ව ඇති බව වාර්තා වනවා.
මාතර/අකුරැස්ස/ගාල්ල/දෙනියාය/තංගල්ල ඇතුළු ප්‍රදේශ රැසකට මෙලෙස විශාල ශබ්දයක් සමඟ එළියක් දිස්ව ඇති බවයි ප්‍රකාශ වුණේ.
රාත්‍රී 8 යි 45 ත් 9 ත් අතර කාලයේදීයි මෙම අසාමාන්‍ය තත්ත්වය මතුව තිබුණේ.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ අදාළ කාලසීමාවේ දී කිසිඳු ගුවන් යානයක් එම ගුවන් සීමාවේ පියාසර කර නොමැති බවයි.
මෙය බොහෝ විට උල්කාපාතයක් විය හැකි බවයි ආචාර්ය චන්දන ජයරත්න මහතා විශ්වාසය පල කළේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish