ආන්දෝලනාත්මක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධීන් වලට සම්බන්ධ යැයි කියන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානීන් සිව්දෙනෙකුට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද නියෝගයක් නිකුත් කලා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමකට අනුවයි.
බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බැවින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානීන් රටින් පිටවිය හැකි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදිකරණය හමුවේ පෙන්වා දුන්නා.
මෙලෙස රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලද්දේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන, එහි ප්‍රධාන ගැනුම්කරු නුවන් සල්ගාදු සහ එහි ප්‍රධාන තාක්ෂණ විධායක නිලධාරී සචින් දේවතන්ත්රී යන 4 දෙනාටයි.
බැදුම්කර සිද්ධියේ මහමොළකරුවන්ට රටින් පිටවීම තහනම්

53408
45820
7324
270