කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ දී කිරිවෙහෙර විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් සහ තවත් ස්වාමීන් වහන්සේ නමකට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් පැමිණ තිබූ මෝටර් රථය මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (12) රාත‍්‍රියේ 10.40ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.

වෙඩි තැබීම සිදු කළ සැකකරුවන් පැමිණි ජීප් රථය මේ වනවිට පොලිස් භාරයට ගෙන පරීක්ෂණ සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළා.

කිරිවෙහෙර මළුවේදී වෙඩි තැබීම සිදුවූ අතර වෙඩි තැබීමෙන් කිරිවෙහෙර විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් සහ තවත් ස්වාමීන් වහන්සේ නමක් තුවාල ලැබුවා.

විහාරාධිපති හිමියන්ගේ උදරය ප්‍රදේශයට වෙඩි ‍ප්‍රහාරය එල්ල වී ඇති අතර මේ වන විට හම්බන්තොට රෝහලේ දැඩි සත්කාර ඒකක‍යේ වැඩිදුර ප්‍රතිකාර ලබනවා.

සැකකරුවන් පැමිණ ඇත්තේ UP CAG 8531 දරණ හොණ්ඩා වෙසෙල් වර්ගයේ ජීප් රථයකින් බවටයි අනාවරණවී තිබුණේ.

මේ වන විට සැකකරුවන් සම්බන්ධයෙන් සාර්ථක තොරතුරු කිහිපයක් ඔස්සේ තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ කතරගම පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.