කුකුළෙක් අතින් ගත් යක්ෂයෙක් යාපනයෙන් මතුවෙලා ?

යාපනයේ පළාත් කීපයක වැසියන් යළිත් වරක්‌ අමනුෂ්‍ය බියකින් පෙළෙන්නට පටන්ගෙන තිබේ.

මෙවර යාපනයේ වැසියන් මුහුණදී සිටින්නේ මීට පෙර පැවති භූත උවදුරකට නොව ‘යක්‌ෂ’ උවදුරකටය.

යාපනයේ වැසියන් කියා සිටින්නේ මේ අද්භූත යක්‌ෂයාගේ එක්‌ අතක පණපිටින් ලේ වැගිරෙන කුකුළකු සිටින බවයි. අනෙක්‌ අතේ ද ලේ තැවරී ඇති බවත් මේ යක්‌ෂයා දුටු බව කියන යාපනයේ බොහෝ අය කියති.

මුලදී යක්‌ෂයා දුටු පිරිස යාපනයේ සෙසු අයට මේ යකා ගැන පවසන ලද අවස්‌ථාවේදී ඔවුන් අවඥාවට ලක්‌කළ නමුත් යක්‌ෂයා දුටු අයකු යාපනයේ ජනමාධ්‍ය වෙත යක්‌ෂයාගේ ඡායාරූප කීපයක්‌ ඉදිරිපත් කිරීමෙන් පසුව එම යකා ඊට පෙර දුටු පිරිස ද පවසා ඇත්තේ තමන් දුටුවේ ද මේ යක්‌ෂයාම බවයි.

මුහුණ යාන්තමට දැකිය හැකි නමුත් එය ඉතා පැහැදිලිය. හඳුනාගත නොහැකි මේ යක්‌ෂයා සුදු වස්‌ත්‍රයක්‌ මුළු ඇඟපුරාම දවටාගෙන සිටින උස පුද්ගලයකු බව යාපනයේ වැසියෝ කියා සිටිති.

පිරිස යක්‌ෂයා දැක ඇත්තේ අලුයම එකෙන් පසුවය.

කෙසේ වෙතත් මේ යක්‌ෂ කතාව නිසා මුලදී බියට පත් නොවූ යාපනයේ ජනතාව යක්‌ෂයාගේ ඡායාරූප දැකගනීමට ලැබීමෙන් පසුව බොහෝ සෙයින් බියට පත්ව තිබේ.

යළිත් පෙර භූත උවදුර පැවති සමයේදී මෙන් රාත්‍රි කාලයට කවුරුන් කතා කළත් දොරවල් නොඅරින තත්ත්වයටත්, රාත්‍රි කාලයට ගමන් බිමන් නොයැමටත් දැන් යාපනයේ ජනතාව පුරුදු වී සිටිති.

 දිනසේන රතුගමගේ

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish