සුනඛයාටත් වැන්දවූ විධායකය අහෝසි කළ යුතුයි / ජවිපෙ කියයි – Audio

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම තුලින් කැබිනට් මණ්ඩලයට හිමි බලය තහවුරු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද දැනුවත් කිරීම සදහා පැවැති හමුවක් අමතමින් ඔහු කියා සිටියේ හිටපු ජනපතිනියගේ සුනඛයා කැබිනට් මණ්ඩල රැස්වීමට ගෙන ආ අවස්ථාවලදී කැබිනට් මණ්ඩල සාමාජිකයින් එම සුනඛයාටද ගරු සැලකිලි දැක්වූයේ විධායක ජනාධිපති ධූරයේ අනුහසින් බවයි.

20 වන සංශෝධනය ගෙන ආ යුතුව තිබුණේ 2015 ජනාධිපතිවරණයේදී විධායකය අහෝසි කරන බවට පොරොන්දු ලබාදුන් වත්මන් ආණ්ඩුව විසින් බවයි මෙහිදී අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේ.

 

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.