බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර එය මාස 06ක කාලයකදී ගෙවීයන පරිදි ක්‍රීයාත්මක කිරීමට හෝමාගම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.
ඒ හෝමාගම අධිකරණ සංකීරණය තුලදී මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට බැණවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.
එක්නැළිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව බන්ධනාගාර ගතකර සිටින හමුදා බුද්ධි අංශ නිලධාරීන් 09 දෙනා එ්වන විට හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ රංග දිසානායක මහතා විසින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අවස්ථාවේ අධිකරණ භූමියට පැමිණ අපහාස වන අයුරින් හැසිර එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කළ බවටයි එම හිමියන්ට එරෙහිව නඩු පවරා තිබුණේ.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.