නීති විරෝධී ලෙස පරිගණක සී පී යූ තුල සගවා ඔස්ටේ්‍රලියාවේ සිට ලංකාවට යොමුකළ විෂ සහිත කටුස්සන් 32 නකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් සොයාගෙන තිබෙනවා.
කුඩා රෙදි මලු 5ක් තුල බහා මෙරටට එවා තිබියදීයි මෙම සතුන් සොයාගෙන ඇත්තේ.
සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් මෙම විෂ කටුස්සන් ලංකාවට එවා තිබෙනවා.
කලුතර ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ නමින් මෙම පාර්සලය එවාතිබුණද ඒ පිළිබද සොයා බැලීමේදී හෙලිව තිබුණේ අදාළ ලිපිනය ව්‍යාජ එකක් බවයි.
මෙම විෂ කටුස්සන් ලංකාවට යොමුකරන ලද්දේ කවර හේතුවක් මතදැයි සොයා විමර්ෂණ ක්‍රියාත්මකයි.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.