කිරිවෙහෙර සැකකරුවන්ට වෙඩි නොතැබීම ගැන විමර්ෂණයක්

කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ අවස්ථාවේදී උන්වහන්සේට ආරක්ෂාව සලසමින් පොලිස් නිලධාරියකු හා සිවිල් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු සිටියද එම නිලධාරීන් වෙඩි තබා පලායමින් සිටි පුද්ගලයින්ට වෙඩි නොතැබීමට හේතු සොයා පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා සදහන් කළේ පොලිස්පතිවරයාගේ නියමයෙන් එම විමර්ෂණය ක්‍රියාත්මක බවයි.
අදාළ සැකකරුවන් සිටි ස්ථානයට ආසන්නයෙන් පොලිස් නිලධාරීන් සිට ඇති බැවින් ඔවුන්ට වෙඩි තැබීමට හැකියාව තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.
මේ අතර සැකකරුවන් සොයා මේ වන විට පොලිස් කණ්ඩායම් 8ක් පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.
සැකකරුට දිවයිනෙන් පලායාමට නොහැකි වන පරිදි ආරක්ෂාවද තර කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

‘‘මේ සැකකාර කපු මහතා පිළිබඳව දැනට තොරතුරු ගණනාවක් ලැබී තිබෙනවා.අද හෙටම ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවේවී කියලා බලාපොරොත්තු වෙනවා.

පරීක්ෂණ ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කරනවා . නායක හිමියන් මීට ඉහතදී කළ පැමිණිල්ලක් අනුව පොලිසිය ඒ සැකකරුගෙන් ප්‍රකාශයක් පවා සටහන් කරගෙන තියෙනවා.ඔහු ගැන විමර්ශනයක් කරලා තිබුණා.ඒ පැමිණිල්ලත් මේ නඩුවට ඉතා වැදගත් වෙනවා.‘‘

6287

ආසාදිතයන්

3561

සුවය ලැබූ

2712

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.