මෙරට බස්‌ රථ හා දුම්රිය වල ගමන් ගන්නා මෙරට කාන්තාවන්ගෙන් 100%කට ආසන්න සංඛ්‍යාවක්‌ ලිංගික හිංසනයට ලක්‌ වන බව එක්‌සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් සිදු කරන ලද නවතම සමීක්‌ෂණයකදී අනාවරණවී තිබෙනවා.

එම සමීක්ෂනයට අනුව අදාළ ලිංගික හා වෙනත් හිංසනයන් හදුනාගෙන ඇත්තේ පහත ආකාරයටයි.

කාන්තාවන්ගෙන් සියයට 74 කගේ ශරීර කොටස්‌ හිතා මතාම ස්‌පර්ශ කිරීමෙන්

සියයට 52.25 ක්‌ අසුන් ගැනීමේ අයෝග්‍ය හැසිරීම්වලින්

සියයට 46.28 ක්‌ ශරීර කොටස්‌ දෙස බැලීම නිසා

සියයට 45.56 ක්‌ කාමුක බැල්ම නිසා

සියයට 48.44 ක්‌ හිතා මතා කකුල් පැගීමෙන්

මෙරට පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කරන කාන්තාවන් අතුරින් ලිංගික හිංසනයට ලක්‌වන කාන්තාවන්ගෙන් සියයට 37 ක්‌ එම හිංසනයට ඔවුන්ගේ වැඩ කටයුතුවලට අහිතකර ලෙස බලපාන බව පවසා ඇති අතර සියයට 29 ක්‌ සිය අධ්‍යයන කටයුතුවලට බලපාන බව පවසා තිබෙනවා.

 

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.