සය මසක සිර දඩුවමක් නියමවී සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරකරුවන් පහළොස්‌ දෙනකු රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ ආර්. වාට්‌ටුවේ රඳවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කරනවා.

වරදකරුවකු වූ ඕනෑම අයකුට බන්ධනාගාරයෙන් ලබාදෙන ජම්පරය ඇදීම අනිවාර්ය වූවද ඥානසාර හිමියන් තීන්දුවට එරෙහිව ඇපෑලක්‌ ඉදිරිපත් කර ඇති හෙයින් උන්වහන්සේ තවදුරටත් චීවරය දරාගෙන සිටින බවයි එම වාර්තා සදහන් කරන්නේ.

ඥානසාර හිමියන් බන්ධනාගාර ගතකර පෙරේදා (14 වැනිදා) රාත්‍රි වෛද්‍යවරයකු පැමිණ උන්වහන්සේ ගේ පාදයේ තිබූ තුවාල කිහිපයකට ප්‍රතිකාර සිදුකර තිබුණා.
කෙසේ වෙතත් ඊයේ (15 වැනිදා) දිනයේ තමන් වහන්සේව බැහැදැකීමට පැමිණෙන අමුත්තන් හමුවීම ඥානසාර හිමියන් ප්‍රතික්ෂේප කර ඇතැයිද අදාළ වාර්තා අනාවරණ කළා.
ආර්. වාට්‌ටුවේ රඳවා ඇති සිරකරුවන් යහපත් කල් ක්‍රියාවෙන් යුතුව සිටින සිරකරුවන් බවත් ඔවුන් ඥානසාර හිමියන් වෙත විශාල සහයෝගයක් දක්වමින් පවතින බවත් බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් හෙළිකරනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.