සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ගුවන් ගමන් ආරම්භයට පැය 04 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන්සේවය ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ හෙට සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආරම්භ කිරීමට නියමිත අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙනි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ කවුළු ආශ්‍රිතව මෙම අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුවන බැවින්, මගීන් හට සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීමේ අරමුණින් ශ්‍රීලංකන් ගුවන්සේවය මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1979 අංකය ඇමතීමෙන් ලබා ගත හැකියි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.