තැපල් වර්ජනය හේතුවෙන් ලිපි ලක්ෂ 15ක් අතරමග

තැපල් සේවක වර්ජනය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ පිට පළාත් තැපැල් ස්ථානවල ලක්ෂ 15 කට අධික ලිපි ප්‍රමාණයක් ගොඩ ගැසී ඇතැයි වාර්තාවනවා.
ඒ හේතුවෙන් රාජ්‍ය අංශය ඇතුලු අංශ ගණනාවක කටයුතු සදහා බාධා මතුව ඇති බව සදහන්.
වැඩ වර්ජනයේ නිරත තැපැල් සේවක ගැටලු විසඳීමේ අරමුණින් අද දිනයේ සාකච්ඡාවක් කැඳවා ඇති බවයි තැපැල්පති රෝහණ අබේරත්න මහතා කියා සිටියේ.
මේ සදහා විෂය භාර අමාත්‍යවරයා ද සහභාගීවීමට නියමිතයි.
ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ තම වැඩවර්ජනය ආරම්භ කර අදට සතියක් ගතවී තිබුණද විසදුම් ලබාදීම ප්‍රමාදවීම හේතුවෙන් මෙම ගැටලු නිර්මාණයවී ඇති බවයි.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish