යාපනය උණුසුම් කළ ගැටුමේ 5ක් අත්අඩංගුවට

යාපනය මල්ලාකම් මන්සන්ධියේ දී ගැටුමක් ඇති කර ගැනීමට සම්බන්ධ සැකකරුවන් 5 දෙනකු චුන්නාගම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා..
තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම අවස්ථාවේ එය නිරාකරණය කිරීමට ගිය පොලිස් නිලධාරියකුට එක් පුද්ගලයකු විසින් පහර දී පොලිස් නිලධාරියා සතුව තිබූ පිස්තෝලය උදුරා ගැනීමට උත්සහ දරා තිබුණා.
එහිදී පොලිස් නිලධාරීවරයා ආත්ම ආරක්ෂාව වෙනුවෙන් වෙඩි තබා තිබූ අතර එහිදී ගිනි අවිය පැහැර ගැනීමට සම්බන්ධ 25 හැවිරිදි සැකකරු මිය ගිය බවයි පොලිසිය සදහන් කළේ.
ඒ සමග ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබූ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය මැදිහත්ව එය සමනය කර තිබෙනවා.
සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.