පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්ව සිටින ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් අද පැවැත්වෙනවා.
අයි සී සී ය නිවේදනය කළේ අද අවසන් වන දෙවන ටෙස්ට් තරගයෙන් පසු මේ සම්බන්ධයෙන් තරග තීරකවරයා විසින් චන්දිමාල්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවයි.තරගයේ දෙවන දිනය අවසන් වීමට ආසන්න අවස්ථාවක සිය සාක්කුවේ තබාගෙන සිටි රස කැවිල්ලක් මුඛයේ දමාගෙන පසුව එය පන්දුවේ අලවා පන්දුව පළුදු කිරීමට චන්දිමාල් උත්සාහ කළ බවත් ඊට වීඩියෝ සාක්ෂි පවතින බවත් අයි සී සී යේ නිවේදනයේ සදහන්.
එම සාක්ෂි අද පැවැත්වෙන තරගයෙන් පසු සලකා බැලීමට නියමිතයි.
අනතුරුව ඔහුට නියමවන දඩුවම සම්බන්ධයෙන් අභියෝග කිරීමේ හැකියාවද චන්දිමාල් සතු වනවා.
එහෙත් එසේ වුවහොත් තවත් පරීක්ෂනයක් වෙත අයි සී සී ය යොමුවනු ඇති බව සදහන්.
මේ වන විටත් දිනේෂ් චන්දිමාල් තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බැවින් එම ස්වාධීන පරීක්ෂනය පැවැත්වෙනු ඇති බවයි විශ්වාසය පලවන්නේ.
මෙහිදී ඔහු වරදකරු වුවහොත් තරගයක තහනමක් හෝ තරග ගාස්තුව අහිමිවීමේ අවදානමක් පවතිනවා.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.