පසුගිය රජය සමයේ ගුවන් යානා බදු ගැනීමේ රහසක් හෙළිවෙයි

ඉකුත් රජය සමයේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ගුවන්යානා බදු පදනම යටතේ මිලදී ගෙන ඇත්තේ වෙළෙඳපළ මිලට වඩා 40% පමණ වැඩි මුදලකට බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ශ්‍රී ලන්කන් කේටරින් හා මිහින් ලංකා යන ආයතනවල සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා පිළිබඳ සෙවීමට පත්කොට ඇති ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශවී තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් නියමු සංසදයේ සභාපති කපිතාන් රුවන් විතානගේ මහතා කොමිසම හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ  ඉන් එම සමාගමට සිදුවූ පාඩුව අතිවිශාල බවයි.

ගුවන් සමාගමට ගුවන් යානා බදු පදනම යටතේ මිලදී ගැනීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 22 වැය කරන අතර තවත් බිලියන 17ක් නඩත්තු කටයුතු වෙනුවෙන් වාර්ෂිකව වැය කරන බවයි මෙහිදී ප්‍රකාශවී ඇත්තේ.

මේ සම්බන්ධව එවකට සිටි ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස් මහතාගෙන් ද විමසීමක් කළ බවත් 2015ට පෙර ඇති කරගෙන තිබෙන මෙම බදු ගිවිසුම්වල විනිවිදභාවයක් නොමැති බවත්  රුවන් විතානගේ මහතා හෙළි කළා.

තවද මෙම බදු ගිවිසුම්වල වලංගුභාවය සම්බන්ධව ගැටලු සහිත බව පෙන්වා දුන් සාක්කිකරු එම මිලදී ගැනීම් නිසි ක්‍රමවේදයෙන් ‍බැහැරව සිදුව ඇති බව ද කොමිසම හමුවේ පෙන්වා දුන්නා.

 

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish