ග්‍රාමීය ජනතාවට උපරිම සේවාවක් ලබාදීම වෙනුවෙන් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය කැපව සිටින බව ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සේවාවක් ඉටු කර ගැනීම වෙනුවෙන් රජයේ නිලධාරීන් වෙත පැමිණෙන ජනතාව පීඩාවට පත් නොකොට එම සේවාවන් ඉටු කරදීමට කැපවීම සමස්ථ රාජ්‍ය සේවයේ වගකීමක් බවයි.
එම සේවාවන් ඉටු කිරීමේදී රාජ්‍ය සේවකයින්ට මතුවන බාධා අවම කර පහසුකම් සැපයීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කැපවී සිටින බවද ජේ සී අලවතුවල මහතා සදහන් කළා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් දිවයින පුරා දියත් කරනු ලබන “නිල සෙවන” ව්‍යාපෘතියට සමගාමීව හිරියාල මැතිවරණ කොට්ඨාශයේ ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තඹගල්ල ග්‍රාම නිළධාරි වසමේ “නිල සෙවන කාර්යාලය” විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
රාජ්‍ය සේවය ගමේ ජනතාව අතරටම ගෙනයාමට නිල සෙවණ වැඩසටහන තුලින් අවස්ථාව හිමිවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ.
එම සේවාවන් සැලසීමේදී සේවාවන් අපේක්ෂාවෙන් පසුවන ජනතාව තමන්ගේම මවක පියෙකු සොහොයුරකු සොහොයුරියක ලෙස සලකා රජයේ නිලධාරීන්ට සේවා සැලසිය හැකිනම් එතුලින් වඩාත් මහජන හිතවාදී රාජ්‍ය සේවාවක් බිහි කළ හැකිවනවා.
එවන් තත්ත්වයක් නිර්මාණය කිරීම තුලින් රාජ්‍ය සේවයේ විශ්වාසනීයත්වය හා ගෞරවය වර්ධනය කළ හැක බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.ඒ වෙනුවෙන් අවංකව කැපවී දියුණු දේශයක් බිහිකිරීම වෙනුවෙන් අත්වැල් බැදගන්නා ලෙසයි ජේ සී අලවතුවල මහතා සමස්ථ රාජ්‍ය සේවකයින්ගෙන් මෙහිදී ඉල්ලා සිටියේ.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.