ඥානසාර හිමියන්ගේ අභියාචනය 22 ට කල් යයි

සයමසක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කර සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ගොනු කළ අභියාචනය විභාග කිරීම ලබන 22 දා තෙක් කල්දැමීමට මහාධිකරණය අද නියෝග කළා.
ඒ අභියාචනය විභාග කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොපැමිණීම හේතුවෙන්.
සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට හෝමාගම අධිකරණ සංකීරණය තුලදී බැණවැදී තර්ජනය කිරීමට වරදකරු වූ ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිත සිරදඬුවමක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගියදා ලබාදුන්නා.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish