ත්‍රීරෝද රථ / යතුරු පැදිවලට නව පෙට්ට්‍රල් වර්ගයක්

ත‍්‍රී රෝද රථ සහ යතුරුපැදි ඉලක්ක කර ඉදිරියේ දී නව පෙට්ට‍්‍රල් වර්ගයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද ප්‍රකාශ කළා.
ඒ ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැති උත්සවයක් අමතමින්.

‘‘ පහුගිය කාලේ අපිට පෙට්රල්, ඩීසල් සහ ලාම්පු තෙල්වල මිල වැඩි කරන්න සිදු වුණා. මමත් ආණ්ඩුවත් එය සිදු කළේ කැමැත්තෙන් නෙමෙයි. නමුත් ගැටළු ප‍්‍රශ්න විසඳා ගැනීමට ඇතැම් විට අපිට අකමැති දේවල් කරන්නත් සිදු වෙනවා. එයින් මහජනතාවට සිදුවන පීඩාව ගැනත් අපිට අවබෝධයක් තියෙනවා. නමුත් අපි දැන් අලූත් විදියට සිතමින් වෙනත් ක‍්‍රමවලින් මහජනතාවට සහනයක් ලබා දෙන්නේ කෙසේද යන්න ගැන මේ වන විට සොයා බලමින් සිටිනවා.

ඒ අනුව ආර්ථික සහනයක් ලබාදිය හැකි සේ ත‍්‍රීරෝද රථ සහ යතුරුපැදි ඉලක්ක කර නව පෙට්ට‍්‍රල් වර්ගයක් හඳුන්වා දීමට අපි මේ වන විට අත්හදා බලමින් සිටිනවා

6287

ආසාදිතයන්

3561

සුවය ලැබූ

2712

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.