තැපැල් සේවක ඉල්ලීම්වලට විසදුම් ලබා නොදීමට විරෝධය පල කරමින් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට කටයුතු කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අවධාරණය කරනවා.
ඒ අනුව අද දිනයේදී සියලු තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධව අද කොළඹදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමටද නියමිතයි.
තැපැල් සේවකයන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට මේ වන විට දින 09 ක් ගතවී තිබෙන අතර, කොතෙක් බලපෑම් එල්ල වුණද සිය ඉල්ලීම් ඉටු කරන තෙක් අඛණ්ඩ වැඩ වර්ජනය අත් නොහරින බවද එම වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියා.
වර්ජනයට විසදුම් ලබා නොදී සේවකයින් මර්දනය කිරීමට කටයුතු කරන්නේ නම් තැපල් සේවය පමණක් නොව අංශ ගණනක් අක්‍රීයවීමේ අවධානමක් ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.