මධ්‍යම පළාත් සභාවේ  එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය පල කිරීමට තීරණය කර තිබෙනවා.
මේ බව අනාවරණ කෙරුණේ ඊයේ මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.
ඒ අනුව ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ කටයුතු කරන බවද එම මන්ත්‍රීවරුන් අවධාරණය කළා.
මෙම මාධ්‍ය හමුවට  පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ආර්.එම්.එස්.බී රත්නායක, පළාත් සභා මන්ත්‍රිවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, නිමල් පියතිස්ස , ගුණතිලක රාජපක්ෂ , කමල් බෙලිගොල්ල , වීරසිංහ අලුත්ගමගේ , ටී.ජී ජයතිස්ස ,  ජී . ජයසිංහ , තිලක් බණ්ඩාර , පරාක්‍රම දිසානායක  යන පළාත් සභා මන්ත්‍රීවරුන් මෙලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය දක්වන බවයි කියා සිටියේ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.