කෙරවලපිටිය බලාගාරයේ ටෙන්ඩරය චීනයට දීම නවතී

කෙරවළපිටිය එල්.එන්.ජී. බලාගාරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චීන සමාගමට ලබාදීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී දැඩි විරෝධයක් එල්ලවී  ඇති බව අනාවරණ වනවා.

මෙම ටෙන්ඩරය ලැබීමට සුදුසු දේශීය සමාගම් හා පුද්ගලයන් සිටියදී චීන සමාගමට එය ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේ මන්දැයි මෙහිදී අමාත්‍යවරුන් කරුණු විමසා ඇති අතර එහිදී සුදුසුකම් ලත් අනිකුත් සමාගම් සම්බන්ධයෙන්ද අමාත්‍ය මණ්ඩලයේදී අමාත්‍යවරුන් කරුණු ඉදිරිපත්කර ඇති බව සදහන්.

එබැවින් චීන සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කිරීම අත්හිටුවා එම ටෙන්ඩරය ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් සියලු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට ජාතික ප්‍රසම්පාදන කමිටුව වෙත යොමුකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවද සදහන්.

මෙම ගණුදෙනුව අදාළ චීන සමාගම හා සිදු කිරීමෙන් බිලියන 50ක පමණ අලාභයක් සිදුවන බවයි බපාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පසුගියදා නිවේදනය කළේ.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish