බැදුම්කර වංචාවට අදාළ සමාගමෙන් ඇතැම් පිරිස්වලට මුදල් ගෙවා ඇති බවට ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සදහන් නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.අමාත්‍යවරයා කැබිනට් මාධ්‍ය හමුව අමතමින් සදහන් කළේ රහස් පොලිසිය විසින් ඊට අදාළව සිදුකරන විමර්ෂණ මගින් එවන් මුදල් ගෙවීම් පිළිබද හෙළිකරගෙන ඇති බවයි.එබැවින් මුදල් ලබාගත් පුද්ගලයින් පිළිබද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සදහන් වන බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බවද අමාත්‍යවරයා අවධාරණය කළා.

මේ අතර බැදුම්කර වංචනිකයින්ගෙන් මුදල් ලබා නොගත් බවට දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂය කෝප් කමිටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සිදුකළ ඉල්ලීම පිළිබදවද රාජිත සේනාරත්න මහතා මෙහිදී අදහස් පල කළා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.