රජයට බදු ගෙවීමෙන් වලකින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද ප්‍රකාශ කළා.
කොලඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සදහන් කළේ ජනතා බදු මුදලින් හිටපු එල් ටී ටී ඊ සාමාජිකයින්ට වන්දි ගෙවීමේ සූධානමක් පවතින බැවින් මෙම ඉල්ලීම සිදුකරන බවයි.
ලොව කිසිදු රටක ත්‍රස්ත සාමාජිකයින්ට වන්දි ගෙවීමක් සිදුව නොමැති බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.
රජය ඒ අයුරින් කටයුතු කරන්නේ නම් ජනතාව බදු ගෙවීමේ අරුතක් නොමැති බවද විමල් වීරවංශ මහතා මෙහිදී සදහන් කළා.
මේ අතර අද පැවැති කැබිනම් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් විමසීමක් සිදුකළා.
අමාත්‍යවරයා කියා සිටියේ එවන් කිසිදු සූදානමක් නොමැති බවයි.
කැබිනට් මණ්ඩලය විසින් එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.