ඥානසාර හිමිට පොදු සමාවක් දෙන්න සාකච්ජා ක්‍රියාත්මකයි / කැබිනට් ප්‍රකාශක

තමන් දැනුවත් පරිදි සිර දඩුවම් නියමව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ලබාදීම සදහා සාකච්ජා ක්‍රියාත්මක බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සදහන් කළා.අමාත්‍යවරයා කැබිනට් මාධ්‍ය හමුව අමතමින් සදහන් කළේ මහනායක හිමිවරුන් හා ජනාධිපතිවරයා අතර එවන් සාකච්ජාවක් ක්‍රියාත්මක බවයි.
කෙසේ වෙතත් එවන් සමාවක් ලබාදුනහොත් මේ වන විට සිර දඩුවම් විදින අනෙක් පූජකවරුන් 17 දෙනාද එම සමාව අපේක්ෂා කරනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
මේ වන විට සිර දඩුවම් විදින ඇතැම් භික්ෂුන් වහන්සේලා බරපතල මට්ටමේ අපරාධ සදහා සම්බන්ධ වූවන් බවද රාජිත සේනාරත්න මහතා සදහන් කළා.
අධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් අනුව ඥානසාර හිමියන්ට දඩුවම් පමණුවා ඇති බැවින් එය රජයේ පියවරක් ලෙස අර්ථ ගැන්වීම අසාධාරණ බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.